(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ සතිය තුළ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනපති කොමිසමේ අතුරු වාර්තාව නිකුත් කිරීමට නියමිතව තිබේ.
එම අතුරු වාර්තාව ලබන බ්‍රහස්පතින්දාට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව එම කොමිසමේ ලේකම් එච්. එම්. බී. පී. හේරත් මහතා පැවසුවේය.
මේ වන විට අප්‍රේල් 21 ක ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා පත්කළ කොමිසම සඳහා මහජන පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණ.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර, වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනපති කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ අභීයාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.ආර්.අධිකාරි වේ.
සැප්තැම්බර් මස 22 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පංච පුද්ගල කොමිසම පත් කරනු ලැබීය.








