(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය තුළ සිඟමනේ යෙදුණු පුද්ගලයින් සහ අනවසරයෙන් වෙළඳාම් කළ අය රැසක් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහිදී සිඟමනේ යෙදුණු පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇති බවත් අනවසර වෙළඳාමේ නිරත වූ පුද්ගලයින් 50 දෙනෙකුද අත්අඩංගුවට ගත බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා කියා සිටියේය.
දෙසැම්බර් මස පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම් කෙරුණු අතර දුම්රියේ සිඟමන් යදින්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව දුමිරිය සේවා අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.








