FAST NEWS

24×7 Around the Globe

ස්විස් නිලධාරිනියගෙන් ප්‍රකාශ ගැනීම අවසන් නැහැ – CID

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් කර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඇය ඊයේ සහ පෙරේදා යන දිනවල දී දෙපාර්තමේන්තුව වෙත පැමිණ නොමැති බව වාර්තා වෙයි.

ගානීයා බැනිස්ටර් ප්‍රැන්සිස් නමැති මෙම නිලධාරිනිය පළමු වරට පසුගිය ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය.

ඉන් අනතුරුව තවත් අවස්ථා කිහිපයකදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදෙනු ලැබීය.