FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් කිලෝග්‍රෑම් 3 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හොරණ , මොරගහහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීමකදී ය.

එම හෙරොයින් තොගය සැකකරුවන් විසින් මෝටර් රථයකින් හා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 03 කට අධික ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයේ රඳවා ප්‍රශ්න කිරිමට පියවර ගෙන තිබේ.

ඔවුන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කරන බව ද පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් සමග මෝටර් රථය සහ යතුරු පැදිය ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන තිබේ.