FAST NEWS

24×7 Around the Globe

සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකට පැමිණි සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මහර ප්‍රදේශයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස දායක වූ අතර අනෙක් පුද්ගලයා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රත්‍රං තොඟයක් ප්‍රවාහනය කිරිමට තමා දායක වූ බව ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔවුන් පැවසුවේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරික්ෂණවලින් අනතුරුව අදාල පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.