FAST NEWS

24×7 Around the Globe

හිටපු සෞඛ්‍ය ඇමතිට එරෙහිව පැමිණිල්ලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ජාතික නිදහස් පෙරමුණ විසින් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 

ඒ, නිසි අයුරින් රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් යෙදවීමෙන් අවභාවිතාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින්.

එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් අද පෙරවරුවේ මෙම සිදුවීමට අදාළව පැමිණිලි කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගොස් තිබුණ ද එහිදී ඔහුගේ පැමිණිල්ල භාරගෙන තිබුණේ නැත.