(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට , කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන , ගානිය බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද (13) පස් වැනි දිනටත් කැඳවා තිබේ.
අදාළ කාන්තාවට පනවා තිබූ , අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වැළැක්වීමේ නියෝගය ලබන 17 වැනිදා දක්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් යළි දිර්ඝ කර තිබේ.
එම කාන්තාව අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඉදිරි ප්‍රකාශ ලබා ගැනීම , කොළඹ ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී සිදු කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කරන්නැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කළ ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා දැඩි විරුද්ධත්වය දැක්වු අතර අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.








