FAST NEWS

24×7 Around the Globe

කොළඹට හෙට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙට (14) පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. 

ඒ අනුව කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මේ අතර කොළඹ 02 හා 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.