FAST NEWS

24×7 Around the Globe

රංජිත් සොයිසාගේ පුරප්පාඩුව ගැසට් මඟින් ප්‍රකාශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සුදුසුකම් ලබන පුද්ගලයාගේ නම අද (13) ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත වේ.

අදාල නම රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිණිය විසින් ඊයේ (12) මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේය.

ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්වීමෙන් පසුව එය පාර්ලිමේන්තුවට යොමු කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.