(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික පොලිස් කොමිසම විසින් ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුලු පොලිස් නිලධාරින් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.
අදාළ ස්ථාන මාරුවීම් සේවා අවශ්‍යතා මත ලබා දීමට අනුමැතිය දුන් බව පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය.
ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් , පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් , සහකාර පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 03 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.








