(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා පැහැරගැනීමට ලක්වූ බව කියන ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට සිදුකර ඇති පරීක්ෂණවල වාර්තා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ අධිකරණයට කරුණූ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අදාල නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා තුනකදී සාක්ෂි සටහන් කරගෙන තිබේ.
එම සාක්ෂි සටහන් කර ගැනීම සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු කර ඇති පරීක්ෂණවල ප්‍රගතිය අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතය.
අදාල පරික්ෂණ තවදුරටත් අඛණ්ඩව සිදු වන අතර යලිත් වරක් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.








