FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු රෝගය මර්දනය සඳහා නව ක්‍රමවේදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩෙංගු රෝගය මර්දනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

“වොල්බැකියා” නම් බැක්ටීරියාවක් ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළේය.

ඒ අනුව ලබන පෙබරවාරි මාසයේ දී නියමු ව්‍යාපෘතියක්ලෙස එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ක්‍රමවේදය ලෝකයේ රටවල් කිහිපයක ද සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර ඒ හරහා මෙරට ඩෙංගු රෝගය මර්දනය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව වෛද්‍ය අරුණ ජයසේකර සදහන් කළේය.