FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණය තෙක් එජාප නායකයත්වය පිළිබඳ ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් විසින් ඉදිරි මහමැතිවරණය තෙක්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය ඊයේ (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එක්සත් පක්ෂයේ අර්බුදයක් ඇති කිරීමට කිසිවෙකු උත්සාහ දරන්නේ නම් එය කුමන්ත්‍රණයකට අනුව සිදු වන්නක් බව එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සඳහන් කළේය.