FAST NEWS

24×7 Around the Globe

අද සහ ලබන අඟහරුවාදා ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (11) රාතී‍්‍ර 10.00 සිට හෙට (12) අලුයම 05.00 දක්වා කෝට්ටේ නගර සභා බලප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, නාවල, ගංගොඩවිල සහ උඩහමුල්ල යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

පැය 07 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ අතර ලබන අඟහරුවාදා පෙරවරු 08.00 සිට බදාදා පෙරවරු 08.00 දක්වා පැළියගොඩ, වත්තල, ජාඇල, කටුනායක සහ සීදුව යන නගර සභා බල ප‍්‍රදේශවලට පැය 24ක ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල යන ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව ගනේමුල්ල, රතුපස්වල, යාගොඩ, පියරතන මාවත, ඉඹුල්ගොඩ, එඬේරමුල්ල, පුෂ්පාරාම මාවත, කෑරගල, දොම්පේ, ඉන්දොළ මුල්ල, දෙකටන, දෙල්ගොඩ, මල්වාන, අල්විස් නගරය, ඇලකන්ද, බලගල, මරදාන, මාබෝලේ, සහ දූව වත්ත යන ප‍්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

විදුලි බල මණ්ඩලයේ අලුත් වැඩියා කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතුව වේ.