(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන නුගේගොඩ පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අදාල තරුණිය කළ පැමිණිල්ලක් ඇයට වාසි සහගතවන අයුරින් විසඳාදෙන බව පවසමින් පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව නුගේගොඩ කොට්ඨාශය භාර උසස් පොලිස් නිළධාරියෙකු කියා සිටියේය.
මෙම සිද්ධිය පිළිබඳ සිදුකළ විමර්ශණයකින් පසුව අදාල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.








