FAST NEWS

24×7 Around the Globe

සම්බා හා නාඩු සහල් වලට උපරිම සිල්ලර මිලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 99 කටත්, නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක උපරිම සිල්ලර මිලකටත් ඊයේ සිට නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ වී තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) කොළඹ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන් ද සහභාගී වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ ය.

මෙම තීරණයත් සමඟ දැනට ඉහළ මිලකට අලෙවි වන සහල් මිල යළි පහළ යනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.