(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය දා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ පී.ඒ. කරුණාසේන නම් කර ඇති අතර උප සභාපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වූ එන්.වී. ජයසේන ලෙස නම් කර තිබේ.








