FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) රාත්‍රී 10 සිට පැය 07 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, නාවල , ගංගොඩවිල සහ උඩහමුල්ල යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 10 සිට අනිද්දා අළුයම 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.