FAST NEWS

24×7 Around the Globe

ලෝක විවාහක රූ රැජිණ දිවයිනට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක විවාහක රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කළ කැරොලින් ජූරි අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියාය.

ඇයව පිළිගැනිම සඳහා ගුවන් තොටුපොළේ විශේෂ උත්සවයක් සූදානම් කර තිබිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟයේදී ඇය එම කිරුළ ජයග්‍රහණය කළේ ලොව පුරා විවාහක රූ රැජිණියන් 50 දෙනෙකු අභිබවමිනි.

වසර 35කට පසුව එනම් 1984 වසරේ පැවති ප්‍රථම විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය රෝසි සේනානායක ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රී ලාංකික රූ රැජිණක් නැවතත් එම කිරුළ ජයගත් පළමු වතාව මෙය වේ.