FAST NEWS

24×7 Around the Globe

රේගුවේ බහාලුම් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රේගුවේ බහාලුම් ක්ෂේත්‍රයේ සේවකයින් ඊයේ (09) දින සිට තම දෛනික රාජකාරීවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීය. 

පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බී.අයි. ආබ්දීන් සදහන් කළේ බහාලුම් පරීක්ෂණ සඳහා භාවිත නව එක්ස් කිරණ යන්ත්‍රයෙන් සෞඛ්‍යමය තර්ජනයක් ඇති හෙයින් එය ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවයි.