FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ අවසන් වී කළහකාරී ලෙස හැසිරුණොත් ප්‍රථීපල අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන ලබන බ්‍රහස්පතින්දා දිනයේ විභාගය අවසන් වීමෙන් පසුව සාමකාමීව විසිර යන ලෙසට විභාග දෙපාර්තමේන්තුව සියලු අයදුම්කරුවන්ට දැනුම් දෙයි. 

විභාග මධ්‍යස්ථානයේ දී සහ එම පරිශ්‍රයේදි කළහකාරි ලෙස හැසිරුණහොත් විභාග පනත යටතේ දැඩි දඩුවම් ලබා දෙන බවත් , විභාගය අවසන් වීමෙන් පසුව පොදු දේපලවලට හානි කරමින් කළහකාරිව හැසිරුනහොත් විභාග ප්‍රථීපල අවලංගු කිරීමට වුවද හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් සියලුම විභාග ශාලාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර , විභාගය අවසන් වීමෙන් පසු සියලු විභාග මධ්‍යස්ථාන අවට ඡංගම පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරිමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.