(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියට පණවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 12 වනදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
ඊයේ (08) දිනයේදී පැය 9 කට ආසන්න කාලයක් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව රහස් පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.
අද දිනයේදීද ඇයගෙන් තවත් ප්‍රකාශයක් ගැනීමට නියමිත බව රහස් පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටියේය.








