FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී මරණිය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගයක් මාර්තු මස 20 වනදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) නියම කළේය.

එම තීරණයට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම කරුණට අදාළව  ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සියල්ල සලකා බැලීම මාර්තු මස 17,18 සහ 19 යන දිනවල සිදුකරන බවයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය  මාර්තු මස 20 වනදා දක්වා දීර්ඝ කරන බවද විනිසුරුමඩුල්ල සඳහන් කළේය.