(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල දිවයිනට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අම්පාර , මඩකලපුව , ත්‍රිකුණාමලය , මොණරාගල , පොලොන්නරුව , බදුල්ල , නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 200 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
මීට අමතරව අනුරාධපුර , මුලතිව් , කිලිනොච්චි , වව්නියාව සහ මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ත් 150 ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ද කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල , නුවරඑලිය , නුවර , රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයකට පැණවූ නායයාමේ අනතුරු ඇගවීමේ රතු නිවේදන තවදුරටත් පවතිනු ඇත.









