FAST NEWS

24×7 Around the Globe

ඇමති නිමල් බණ්ඩාරවෙල නගරයේ සිතුවම් නරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් එක්ව බණ්ඩාරවෙල බස් නැවතුම් පොළේ  සිතුවම් අදිනු දැක බලා ගැනීමට ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා එක් විය.

බණ්ඩාරවෙල නගරය අලංකාර කිරීම සදහා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් එක්ව බණ්ඩාරවෙල බස් නැවතුම් පොළේ  සිතුවම් ඇද තිබුණි.

එහිදි විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පාසල් සිසුන් හා තරුණ තරුණියන් චිත්‍ර අදිනු ලබන ස්ථානයට පැමිණි අමාත්‍යවරයා ඔවුන් සමග සුහද කථාබහක නිරත වුනු  අතර ඔවුන් කරනු ලබන කාර්යයන් ඇගයීමට ලක් කරමින් දිරි ගැන්වීම සිදු කළේය.

ඔවුන්ට අවශ්‍ය යම් සහායක් අවශ්‍යව පවතින්නේ නම් එය ලබා දෙන බව ද සදහන් කළේය.මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ හිටපු සභානායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා අතුළු පිරිසක් එක් විය.