FAST NEWS

24×7 Around the Globe

එජාප නායකත්වය සජිත්ට දෙන්න අභ්‍යන්තර සාකච්ඡා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබාගැනීම පිළිබඳ අභ්‍යන්තර සාකච්ඡා අද සිට ආරම්භ කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ පක්ෂයේ ඉහළ නායකත්වය සමග මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි.

එසේම ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීම සඳහා නායකත්වය ඉක්මනින් වෙනස් විය යුතු බවද අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.