FAST NEWS

24×7 Around the Globe

ගාල්ල කොටුවේ පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල කොටුවේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ බිත්තියක් ඊයේ (07) රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත. 

රාත්‍රි කාලයේ කඩා වැටීම නිසා කිසිවෙකුටත් හානියක් නොවු අතර දිවා කල කඩා වැටුණේ නම් ජීවිත හානි සිදුවීමට ඉඩ තිබු බව කොටුව පදිංචිකරුවෝ පැවසූහ.

ලන්දේසි සමයේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල අබලන්විමත් සමග එහි  පවත්වාගෙන ගිය තැපැල් කාර්යාලය මේ වනවිට වෙනත් ස්ථානයක පවත්වා ගෙන යනු ලබයි.

මෙයට පෙර අවස්ථා කිහිපයකදී ද මෙහි බිත්ති සහ වහලේ කොටස් කඩා වැටී තිබුණි.