FAST NEWS

24×7 Around the Globe

හලාවත අධිකරණයේ තිබු මුදල් සොරකමක් ගැන පරීක්‍ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ සේප්පුවක් විවෘත කර එහි මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

හලාවත පොලීසිය මඟින් මෙම විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුගිය 5 වන දා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය භාරව සිටි ලිපිකාරිනිය විසින් පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සේප්පුවේ ලියුම් කවරයක් විවෘත කර එහි තිබූ රුපියල් ලක්ෂ 2ක මුදලක් සහ ඩොලර් 2000ක් කිසියම් පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

නමුත් එම අවස්ථාවේ  නඩු භාණ්ඩ කාමරයේ සේප්පුවේ යතුර ද තමා සතුව පැවති බවද ඇය සඳහන් කර ඇත.

එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්‍ෂණ පැවැත්වේ.