(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය පියංකර ජයත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ අද (06) යළිත් නඩු පවරනු ලැබුවේය.
ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේ මැයි මස 21 වැනිදා ශ්‍රී ලංකන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ 30,000 ක මුදලක් මාරවිල ගම්බද කේටර්ස් ආයතනය වෙත ගෙවීමට එහි ප්‍රධාන විධායක නිලධාරීයා පෙළඹවීම ඇතුළු අධිචෝදනා 02 ක් යටතේ අදාළ නඩු පවරනු ලැබීය.
මෙම චෝදනා මුල් කර ගනිමින් ඔහුට එරෙහිව මීට පෙර කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැති වීම නිසා අල්ලස් කොමිසම අදාළ නඩුව පසුගිය 03 වැනිදා ඉල්ලා අස්කර ගත්තේය.








