(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
අගරදගුරුතුමා අද (06) පස්වරු 2.00 ට පමණ එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි.








