FAST NEWS

24×7 Around the Globe

උත්සවයේ සමයේ බේකරි නිෂ්පාදන මිල අඩු කරන්නැයි ඉල්ලීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  උත්සව සමයේ සියළුම බේකරි නිෂ්පාදනවල මිල පහත දමන ලෙස සියලු බේකරි හිමියන්ගෙන් ඉල්ලෙමක් කරයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසන්නේ බේකරි හිමියන් වෙත රජය ලබා දී ඇති සහන සහ බදු අඩු කිරීම් හේතුවෙන් එම නිෂ්පාදනවල මිල පහත දැමිය හැකි බවයි.

ඒ අනුව රුපියල් 05කට වැඩි අගයකින් පාන් හැර සෙසු  බේකරි  නිෂ්පාදන මිල පහත දැමීමේ හැකියාව පවතින බව ඔහු පෙන්වා දෙයි.

තවද කේක් නිෂ්පාදන මිලද රුපියල් 50කින් පමණ පහත හෙලීමට ක්‍රියාකලයුතු බව එන්.කේ ජයවර්ධන මහතා කියා සිටී.