FAST NEWS

24×7 Around the Globe

සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව රජය සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට කි්‍රයාත්මක වන පරිදි ගම්මිරිස්, කරුංකා, කුරුඳු, සියඹලා, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු සහ කරාබුනැටි ආනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව පසුගිය රජය සමයේ මහත් මතභේදයට තුඩු දුන් කසල ආනයනය සහ ප්‍රති අපනයනය ද තහනම් කර තිබේ.