(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අයහපත් කාළගුණයත් සමග පස් කඳු කඩා වැටීම අවධානමක් හේතුවෙන් බදුල්ල – පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය අද පස්වරු 6.00 සිට වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.
පසුගිය දිනවල මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා පස් කඳු කපා දමා තිබූ අතර , දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම ප්රදේශවල පස් කඳු හා ගල් කඩා වැටීම් සිදුව තිබේ.








