FAST NEWS

24×7 Around the Globe

විදේශ රැකියා ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරයා විසින් නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට උපදෙස් ලබාදී තිබේ.

එම බදු සහනය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු ද සංශෝධනය වී ඇත.

ලියාපදිංචි පැවති ගාස්තුව රු.17,837.00 වන අතර සංශෝධිත නව ගාස්තුව රු 16,416.00 ක් වේ .

ලියාපදිංචිය අලුත් කිරීමේ පැවති ගාස්තු රු. 3755.00 වන අතර ලියාපදිංචිය අලුත් කිරීමේ නව ගාස්තුව රු. 3456.00 වේ

ඒ අනුව 2019.12.01 දින සිට මෙම නව ගාස්තු අදාල වේ.