(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලුම විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරමින් ඒවා විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව විද්‍යාපීඨවලින් ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට බලාපොරොත්තුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙම ක්‍රියාවලිය මගින් ගුරුවරුන් අතර පවතින වැටුප් විශමතාවද අවසන් වෙනු ඇති බව ඔහු සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර එම ක්‍රියාවලිය සිදුකිරීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත්කිරීමටද අපේක්ෂා කරයි.








