FAST NEWS

24×7 Around the Globe

දුම්වැටි – මත්පැන් සඳහා පණවා තිබූ බදු කීපයක් සංශෝධනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දුම්වැටි සහ මත්පැන් සඳහා පණවා තිබූ බදු කිහිපයක් සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. 

මේ අනුව දිග ප්‍රමාණය අනුව එක් දුම්වැටියකට රුපියල් 13 යි ශත 36 ත් , රුපියල් 48 යි ශත 35 ත් අතර ප්‍රමාණයන්ගෙන් බදු සංශෝධනය කර ඇති බව රජය නිවේදනය කරයි.

මේ අතර ඊයේ සිට බල පැවැත්වෙන පරිදි සුරා බදු කිහිපයක්ද සංශෝධනය කර තිබේ.

ඒ අනුව තීරුබදු රහිත සාප්පුවල විදේශ ව්‍යවහාර මුදලට විකිණීම සඳහා ආනයනය කරන හෝ ප්‍රතිඅපනයනය සඳහා ගෙන්වන විදේශීය මත්පැන් හැර මෙරටට ගෙන්වන සෑම විදේශීය මත්පැන් තොග ලීටරයක් සඳහාම බදු සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම දේශීයව නිෂ්පාදනය කරනු ලබන මත්පැන් සඳහා අය කෙරෙන සුරා බදුද සංශෝධනය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.