FAST NEWS

24×7 Around the Globe

නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ අමාත්‍යවරයා දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා සහීඩ් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 

මෙම සංචාරය අතරතුරදී මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි.

විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිගනු ලැබූවේ දකුණු ආසියානු හා සාක් කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල් අරුණි රණරාජා මහත්මිය විසින්.