(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂ නායක ධූරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට අද (05) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව පස්වරු 03 ට ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සඳහන් කළේය.








