(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීළඟ මහමැතිවරණය ලබන වසරේ අප්‍රේල් මස 25, 27, හෝ 28 දිනයන් අතරින් එක් දිනයකදී පැවැත්වීමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
ලබන වසරේ මාර්තු මුල් සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මීළඟ මහමැතිවරණය අදාළ දිනයන් අතරින් එක් දිනයකදී පැවැත්වීමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.








