FAST NEWS

24×7 Around the Globe

අල්ලස් නඩුවේ තීන්දුව ලබන 19 වනදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායකට එරෙහි නඩුවේ තීන්දුව ලබන 19 වනදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය දැනුම්දෙනු ලැබීය. 

බස්නාහිර පලාත්බද පළමු ස්ථීර ත්‍රිපුද්ල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

කන්තලේ සීනි සමාගම සතුව තිබූ ගොඩනැගිලි සහ යකඩ පවරා දීමට ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබා ගැනීමට තැත්කල බවට චෝදනා කරමිනුයි සැකකරුවන්ට එරෙහි මෙම නඩුව විභාග වන අතර , අදාල මුදල ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනේ කොළඹ පෞද්ගලික හෝටලයක රථ ගාලක් තුලදීයි.