(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඊයේ (03) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු මිය යනවිට 57 හැවිරිදි වියේ පසුවිය.
ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් , මන්ත්‍රීවරයා රෝගාතුරව මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූ බැවින්, සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත යොමුකර ඇත.
අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ දේහය අද (04) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ.








