FAST NEWS

24×7 Around the Globe

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට විදෙස් ගමන් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රටින් පිටවීම වළක්වමින් අද (03) විදෙස් ගමන් තහනමක් නිකුත් කරනු ලැබීය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගිය බවට කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුවයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තානාපති කාර්යාලය දෙවන නිලධාරියකු එම සිද්ධිය සම්බන්ධයෙන් ලද ලිඛිත පැමිණිල්ලකට අනුව අධිකරණයට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති ආකාරයට තානාපති කාර්යාලය දෙවන නිලධාරියකු එම සිද්ධිය සම්බන්ධයෙන් ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි.

පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් යම් ලෙසකින් ඇය විදේශගත වුවහොත්, විදේශ ගමන් තහනමක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.