FAST NEWS

24×7 Around the Globe

පුජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 17 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (03) නියෝග කළේය.

පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළව විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට පවතින බව ද අධිකරණයට දන්වා සිටියේය.