FAST NEWS

24×7 Around the Globe

කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් දුරකතනයක් සොයා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් අද (02) අළුයම සොයාගෙන තිබේ.

බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදි මෙම සොයා ගැනීම සිදු කර තිබේ.

කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රදවා සිටින සිර මැදිරියක වෙනම රදවා තිබිණි.

බන්ධනාගාර ආංරචි මාර්ග පවසන ආකාරයට එහි දොරේ මෙම ජංගම දුරකථනය රදවා තබා ඇත.

එලෙස සොයාගෙන ඇත්තේ සාමාන්‍ය මට්ටමේ දුරකතනයක් වන අතර එහි සිම්කාඞ් පත එම අවස්ථාවේ දුරකථනයේ තිබී නොමැත.

බූස්ස බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක අතර කංජිපානි ඉම්රාන් රදවා සිටින සිරමැදිරියේද සී සී ටී වී කැමරාවක් සවි කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ජංගම දුරකතනය ඔහුට ලබාදෙන්නට ඇති බවට සැක පළකරයි.