(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආහාර එතුම් නිෂ්පාදකයින්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නව නීති කිහිපයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව ලන්ච් ෂීට් පැකට්ටුවේ සන්නම් නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයින්ගේ මිල, ලිපිනය, නිෂ්පාදිත දිනය සහ ආයු කාලය භාවිත කරන ලද ද්‍රව්‍ය, භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය, මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය ආදී කරුණු ඇතුළත් විය යුතු බව එම අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.
මෙම නව නීතිය ලබන වසරේ ජූනි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන අතර ආහාර එතුම් කොළයක දිග සහ පළල, පැකට්ටුවක හෝ කාණ්ඩයකට අඩංගු එතුම් සංඛ්‍යාව, භාෂා තුනෙන්ම සැකසූ ලේඛනයක් ද ඇතුළත් කළ යුතු වේ.








