FAST NEWS

24×7 Around the Globe

පරිසර ආරක්ෂණ අධිකාරියෙන් දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල ගාල්ල අවට මුහුදු තීරයේ සැරිසරන සීල් මත්ස්‍යාට ආහාර ලබාදීමෙන් හෝ එම සත්ත්වයා අසලට ගමන් කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

වනජිවි දෙපාර්තමේන්තුව හෝ සත්වෝද්‍යාන වෙතට මෙම සත්ත්වය ලබාදීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් දැල් දමා එම සත්ත්වයා අල්ලා ගැනීමට ද උත්සාහ දරමින් සිටින බව එහි සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේය.

මෙම සත්ත්වයා සඳහා අවශ්‍ය පහසුකම් මෙරට සත්ත්වෝද්‍යාන තුළ හෝ වනජිවි දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි සත්ත්වයෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ප්‍රථම වතාවට වන අතර, මීට පෙර ඕමානය, වියට්නාමය සහ ඉක්වදෝරය යන රටවලට සීල් මත්ස්‍යයින් පැමිණ ඇති බවට තොරතුරු පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.