FAST NEWS

24×7 Around the Globe

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරයා විසින් අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හි දී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

අදාළ අමාත්‍යාංශයන්හි නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි නායයෑම්, පස් කඳු කඩා වැටීම්, ගල් පෙරලීම් වැනි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීමට හා මහජන සුභසාධනය සඳහා ක්ෂණික පියවර ගැනීමට චක්‍රලේඛ උපදෙස් මඟින් මේ වන විට දැනුම් දී ඇත.

සම්බන්ධීකරණය හා සමාලෝචනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සියලු කාර්යයන් සිදුකීරීමට ද කටයුතු සලසා තිබේ.