FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු සැසිවාරය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම සඳහා වන ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බවට වාර්තා වේ.

සතියක කාලයකින් පසුව පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ඔහුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ සියලු කමිටු අවසන් වන අතර, නැවත පාර්ලිමේන්තුව ආරම්භයේදී ඒ සඳහා අලුතින් සමාජිකයන් පත් කිරීමටද නියමිතය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ලැබී ඇති අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හෙට (03දා) පෙ.ව. 10.30ට කෝප් කමිටු සාමාජිකයන් කැඳවා ඇත.

එසේ වුවද පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කළහොත් ඒ සියල්ල අවසන් බවද සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.