FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට පහරදුන් අය අත්අඩංගුවට.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ( එ.ජා.ප) ඉෂාක්ට ගල්වලින් පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු ගලෙන්බිදුණුවැව කුඩා කැලැගම ගම්මානයේදි අත්අඩංගුවට ගත්බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙනඇත්තේ කුඩා කැලැගම ගම්මානයේ පදිංචිකරුවන් වන ජෙ.ආනන්ද ජයලත්, ආර්.විජේරත්න සහ පි.ප්‍රියන්ත කුමාර නැමැති පුද්ගලයන් තිදෙනෙකි.

මන්ත්‍රිවරයා ඉකුත් 19 වෙනිදින ගලෙන්බිදුණුවැව කුඩාකැලැගම ගම්මානයේ සංචාරය කල අවස්ථාවේදි මෙම ගල්ප්‍රහාරය එල්ලවි ඇත.

එම ගල්ප්‍රහාරයෙන් මන්ත්‍රිවරයාට තුවාල සිදුවි නොමැති අතර ඔහුගේ ආරක්ෂකයෙකු තුවාල ලබා ගලෙන්බිදුණුවැව ග්‍රාමිය රෝහලට ඇතුලත් කර ඇත.

සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරිමට නියමිත බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.