FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ ඇගයීම් ලබන 24 දා සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන 24 වනදා සිට අදියර 02 ක් යටතේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

පළමු අදියර දෙසැම්බර් මස 24 වනදා සිට ලබන වසරේ ජනවාරි 02 වනදා දක්වා සහ දෙවන අදියර ජනවාරි 17 වනදා සිට 26 වනදා දක්වා සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.